Thursday, July 12, 2012

මා බලවත් කරනා සමිඳේ








ගීතිකා දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුළ මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ

දිවියේ පැණ පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියෙ සෙවනැලි අතරේ
පා නඟන්න දිරි දෙනු මැන
සමිඳේ... සමිඳේ...//

හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම් හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ... සමිඳේ...//

0 comments:

Post a Comment