Saturday, June 23, 2012

ඔබ අමතන මා





ගායනය                               : - එඩ්වඩ් ජයකොඩි
ගීතිකා නිර්මාණ දායකත්වය   : - හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා 

"...ඔබ ගොස්, සකල ජාතීන් ගෝලයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම ස්නාපනය කරන්න; මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද කල්පාන්තය දක්වා ඔබ සදහට ම ඔබ හා සමග සිටිමි." [මතෙව් 28 : 19 - 20]

"එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු යක්ෂයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක." [ලූක් 10 : 1 - 2]

ඔබ අමතන මා ඔ‍බෙ දෙවිඳුන් වෙමි
සුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි
එන්න මගෙ පුතේ එන්න මගෙ දුවේ
දෙස් විදෙස් සිසාරා මගෙ පෙම කියන්න
කැමැත්ත පවසන්නේ...

මිදුම කියන්නට වහල් දනන් හට
සිරගත වූවන් මුදවාලන්නට
අන්ධ දනන් හට පෙනීම දෙන්නට
සමිඳු වසර පවසන්නට දුගිනට

මුහුදු හතක් ඈතින් ඇති රටකට
පවුරු වළල්ලෙන් එපිට දූපතට
යවනට දහම් දූතයෙකු ‍විලසට
කැමතිද දුව පුත ඔබ කැපවන්නට

දහම් දූපතේ උපත ලැබූ ඔබ
දහම දෙසන්නට මගෙ කැඳවුම ලැබ
වෙලා මංමුලා දුවයන ඔබ මොබ
රැස් කරගනු දන මගෙ සෙවනේ සුභ

0 comments:

Post a Comment