Monday, June 4, 2012

ජේසු රජාණෙනි ඔබ වටලා


'එවිට පිලාත්, "එසේ නම් නුඹ රජෙක් දැ" යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, "මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය. සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති" යි වදාළ සේක. [ජොහාන් 18 : 37] 
'හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා, උන් වහන්සේ ළඟට පැමිණ, "ජුදෙව් රජතුමෙනි, සැරදේ!" කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ.' [ජොහාන් 19 : 2 - 3]
'තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. "ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය" යි එහි ලියා තිබිණි.' [ජොහාන් 19 : 1] 

ජේසුස් වහන්සේව ජොහාන් අපෝස්තුළුතුමා පෙන්වා ඇත්තේ රාජකීය ස්වභාවයකිනි. ඉශ්රායෙල්වරුන්ගේ රජු දෙවියන් වහන්සේ ය. [1 සාමුවෙල් 8 : 7 - 8] ඔවුන් වහන්සේ ස්වකීය ජනතාව බැහැදැකීමට රාජකීය ස්වභාවය ඉවත ලා මනුෂ්‍ය ස්වරූපයකින් වැඩම කළ සේක. එහෙත් ජනතාව ඔවුන් වහන්සේව නොපිළිගෙන ප්‍රතික්ෂේප කොට මරා දැමූහ. [ජොහාන් 1 : 11]

ගීතිකා නිර්මාණය       :  ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
නිර්මාණ දායකත්වය   :  හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා 

ජේසු රජාණෙනි ඔබ වටලා
බාල සමාජය පෙම් වඩලා
සාදු දිදී සිරි හද පුදලා
පාද සිපා සැනසීම දෙමූ

පාද සිපා... පාද සිපා...
පාද සිපා සැනසීම දෙමූ

පුංචි අපෙන් වන පව් නොබලා
ලෝක රසින් වන පව් නොබලා
පාප අපෙන් ඔබ වෙන් නොවෙලා
ජේසු ඔබේ දෙනු මැන සරණේ

ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ දෙනු මැන සරණේ

සෑම දිනේ තුරුලට වඩලා
සෑම සෙනේ කරුණා පාලා
සෑම පිනේ රස පෙන්වාලා
ජේසු ඔබේ හද දන් දෙන්නේ

ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ හද දන් දෙන්නේ

0 comments:

Post a Comment