Saturday, June 16, 2012

අන් හැමට වඩා දෙවිඳුන් සොයමු




නිර්මාණ දායකත්වය : හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා

අන් හැමට වඩා දෙවිඳුන් සොයමු
හමුවිය හැකි බව දන්න නිසා
අපි එක් වී දෙවි සමිඳුන් සොයමු

සව්බල ඇති දෙවිඳුන් අපි සොයමු
එතුමන් අභියස අපි වැඳ වැටෙමු
ප්‍රීති වෙමු අපි සතුටු වෙමු
අපි එතුමන් හට අයිති වෙමු...//

මුළු විශ්වය මැව් දෙවිඳුන් සොයමු
එතුමන් අප මැව් බව සිහි කරමු
සමිඳුන් යහපත් නිසා අපි
දිවියේ සැම බිය දුරු කරමු...//

දෙවිඳුන් කළ විකුමන් අපි වනමු
සමරා දෙව් කරුණා නිති ගයමු
දෙව් පිය ගුණයෙන් අපි පිරෙමු
එතුමන් ප්‍රිය දූ පුතුන් වෙමු...//

0 comments:

Post a Comment