![]() |
ස්නාවක ජොහාන් මුනිඳුන්ගේ උපත |
සාමාන්‍ය සමයේ දොළොස්වන ඉරුදින 2012 ජුනි 24
සසුන් පිය දිනය
පූජා ඇඳුම් වර්ණය : - සුදු
පළමුවන දේව ප්රකාශනය :- යෙසායා 49 : 1 - 6
දෙවියන් වහන්සේගේ සේවකයා මව්කුසෙහි පිළිසිඳ
ගැනීමටත් පෙර සිට ම ඔවුන් වහන්සේගේ සේවකයා
වීමට තෝරා ගත් සේක. ඔවුන් වහන්සේ ඔහුගේ
වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. "ඉශ්රායෙල්
නුඹ මාගේ සේවකයා ය, නුඹ මගින් සෙනඟ මාගේ
මහිමය ප්‍රකාශ කරනු ඇතැ" යි වදාළ සේක. තම
සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින
ඉශ්රායෙල් ජනයාව එක් රැස් කරන පිණිසත්,
සේවකයෙකු වශයෙන් සමිඳාණන් වහන්සේ ඔහුව
පත් කළ සේක.
මෙනෙහි කිරීමේ ගීය :- ගීතාවලිය 139 : 1 - 3, 13 - 15
දෙවියන් වහන්සේ අපව සියුම් ලෙස විමසා බලා
දැන ගන්නා සේක. දුර තියා ම අපගේ සිතිවිලි තේරුම්
ගන්න සේක. ගමනක් ගිය ද, නින්දට ගිය ද ඔවුන්
වහන්සේ අපගේ සියලු මාර්ග දන්න සේක. අපගේ
හැසිරීම සහමුලින් ම දන්න සේක...
දෙවියන් වහන්සේ අපගේ ඇතුළාන්තය මැවූ සේක;
මවු කුසෙහි අපව තැනූ සේක. අප දෙවිඳුන්ට තුති පිදිය
යුතු ය; ගරුබිය දැක්විය යුතු ය. දෙවිඳුන්ගේ සියලු
ක්‍රියා අසිරිමත් ය; මගේ ඇටකටු සෑදෙන විට, මව්
කුසෙහි වැඩෙන විට, රහසිගතව තැනෙන විට අප
මව්කුස තුළ සිටින බව දෙවිඳුන් දැන සිටි සේක.
දෙවන දේව ප්රකාශනය :- ක්‍රියා 13 : 22 - 26
දෙවියන් වහන්සේ සාවුල් ව රජකමින් පහ කර,
ඔවුන් වහන්සේට ප්‍රියමනාප වූ ජෙස්සේ පුත් දාවිත්ව
ඉශ්රායෙල්වරුන්ගේ පාලකයා ලෙසින් පත් කළ සේක.
දෙවියන් වහන්සේ පොරොන්දු වූ ආකාරයට දාවිත්ගේ
පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම්
ගැළවුම්කරුවෙකු දුන් සේක. ජේසුස් වහන්සේ
පැමිණීමට පෙර (ස්නාවක) ජොහාන් මුළු ඉශ්රායෙල්
සෙනඟට මනස්ස්ථාපනයේ බව්තීස්ම-ස්නාපනය
දේශනා කළේ ය. ජොහාන් සිය දූත මෙහෙය අවසන්
කරන විට, "මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද?
මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක්
එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම
නොවටිමි" යි කීය. දේවභය ඇති සියල්ලෙනි, මේ
ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය.
සුභාරංචි ප්රකාශනය :- ලූක් 1 : 57 - 66, 80
නියමිත කාලය පැමිණි විට එළිසබෙත් පුතෙකු ලැබූ අතර,
සියල්ලෝ ඒ බව අසා, දෙවියන් වහන්සේ ඇයට පෙන්වූ
දයානුකම්පාව ගැන ප්‍රීති වූහ. එළිසබෙත් තම පුතුට
"ජොහාන්" යන නාමය තැබූ අතර, ඔහුගේ පියා වූ
සෙකරියස් පූජකතුමා ගල්ලෑල්ලක "ඔහුගේ නම
ජොහාන්" යැයි ලියා පෙන්වා එය සනාථ කළේ ය.
එකෙණෙහි ම සෙකරියස්ගේ තාවකාලික ගොළුභාවය
නැතිවී ගොස්, කථා ශක්තිය නැවත ලැබිණි. ඔහු දෙවියන්
වහන්සේට ප්‍රශංසා කළේ ය. මෙම පුවත රට පුරා ප්‍රචාරය
වන විට සියලු දෙනා තුළ දේව ගරුබිය ඇති විය. ස්වාමින්
වහන්සේගේ හස්තය ජොහාන් කෙරෙහි විය. ජොහාන්
වැඩී ආත්මානුභාවයෙන් බලවත් ව තමන්
ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන දිනය තෙක්
පාළුකරයෙහි සිටියේ ය.
වැඩී ආත්මානුභාවයෙන් බලවත් ව තමන්
ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන දිනය තෙක්
පාළුකරයෙහි සිටියේ ය.
විශ්වාසිකයන්ගේ යැදුම්
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
- අපට ජීවිතය දුන් ආදර දෙවි පියාණෙනි, මව්කුස තුළ දී ම අපව දැන සිටි ඔබ වහන්සේ අපට දී ඇති දිව්‍යමය කැඳවීම අවබෝධ කරගෙන අවංකව කැපවී ඔබ වහන්සේ වෙත සේවය කිරීමට වැයවීමට අවශ්‍ය දේව ශක්තිය හා ධෛර්යය ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
- මහ නරපතීන් පහත හෙළා දීනයන් උසස් කරන දෙවි පියාණෙනි, උපතින් අපට සේවය පිණිස දී ඇති විවිධ තලෙන්තු වැඩි වර්ධනය කරගෙන ඔබ වහන්සේගේ මහිමය හා ගෞරවය පිණිස ද, අසල්වැසියාගේ සුභසිද්ධිය පිණිස ද යෙදවීමට අවැසි දේව මග පෙන්වීම් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
- ආශ්චර්යමත් දෙවි පියාණෙනි, මිනිස් ඉතිහාසය තුළ විවිධ අරුම පුදුම දේ සිදු කරන ඔබ වහන්සේ, අපෝස්තුළුවරුන් මගින් ශුද්ධ වූ සභාවට පවරා දී ඇති ධර්මදූතික සේවාවන් නිසි ලෙස කිරීමට අප ගිහි පැවිදි හා පූජක සැමට අවශ්‍ය ශුද්ධාත්ම බලය හා මග පෙන්වීම් ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
- සත්‍යයේ උල්පත වන දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ පුතුනුවන් මගින් ලොවට දෙසූ ප්‍රේමයේ සුපුවත සමාජය තුළ ජීවත් කරවීමට වෙර දරන සියලු දහම්දූතයන්ට ඊට සාක්ෂි දැරීමේ දී මුහුණ පෑමට සිදුවන විවිධ අභියෝග හා බාධක ගැටලු හමුවේ නොසැලී අවංක හා ඔබට ප්‍රසන්න සේවයක් කිරීමට අවශ්‍ය වරප්‍රසාද ලබා දෙන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට යාච්ඤා කරමු.
ඔබගේ පිළිතුර : ස්වාමිනී, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
- සියලු බලැති දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මගින් ස්ථාපිත කළ ශුද්ධ වූ කතෝලික සභාවේ අප දෘෂ්‍යමාන එඬේරාණන් වන දහසයවන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ගේ එඬේරික දහම් සේවය ආසිරි ගන්වා, වගකීම් සියල්ල නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය හා මග පෙන්වීම ලබා දී, එතුමන්ගේ ධර්මදූතික අදහස් හා ප්‍රාර්ථනා සියල්ල මල්ඵල ගන්වන මෙන් ඉල්ලා අපි ඔබවහන්සේට යාච්ඤා කරමු.
0 comments:
Post a Comment